Saturday, December 26, 2009

කලා කරුවන්ගේ අශිස්ට රංගන.................... කලා කරුවන් යනු මිනිස් සිතට යමි පනිවිඩක් ලබා දිය හැකි සං‍වෙිදි පිරිසක් යැයි අප සිතා සිටියෙමි. ඵය ඵසේ නොවන බව මැතකදි පටන් රුපවාහිනියේ දිස්වන රුප රාමු වලින් මනාව පැහැදිලි වෙි.කලා කරුවා දේශපාලනි කරනිය වුයේ අද ඊයේ නොවන බව මා දනිමි . ඹවුනට මිනිසුන් ආදරය කරන බවද මම දනිමි..ඵහෙත් දේශපාලන ගැත්තන් විම ඹබද මාද අනුමත නොකරන බව හොදාකාරවම දනිමි සැමගේ හදවතෙහි ජිවත් වු කලා කරුවා අද කොටසකගේ පමනක් ප්‍රසාදයට පත්‍ර විම ආරමිභ කර ඇත.ඵය ඹවුන්ගේ පරිහානිය බව මාගේ මතයයි ;වසර 40 යුද වැදි සෙන්පතියකු ඇසේ සිට පටිට ගැසිමට ඵක්වන ලෙස ඵක් කලාකරුවෙක් අරාධනා කරුනු දැක මා මවිතයට පත් විමත් සමග සමස්ත කලා කරුවන්වම අප්‍රිය වන්නට විය. වෙනදා මග තොටෙදි දුටු විටදි අචාර කල ‍ජනයා හෙට ඹවුනට කෙල ගසනු නොඅනුමානය.ඹවුන්ගේ නව නිල නාමය බත් ගොට්ටන්ය.හදවතින් දුක් වන්නේ මෙි නිසාය.

Saturday, December 12, 2009

අපි ගියානේ පොඩි ආතල් ඵකක් ගන්න කුකුලේ ගග. මෙි පින්තුරය ඵහේදි ගත්ත ඵකක් හැයියි මෙි
ඇල්ලේ නම නමි මම දන්නේ නැහැ. මට මතක නැහැ. උදේ 10 වෙනකොට ඵහේ. විදුලි බලාගාරය බලන්න නමි අවසර නැහැ. හරි ලස්සන පැත්ත මම දන්න තරමට අපේ සාම සාදක හමුදාවට යන සෙබලු පුහුනු කරවිවෙත් ඵහේ තමයි. සුපිරි හෝටල්' නාන තටාක' ඵහෙමත් තියෙනවා කලුතර සිට කි.මි 20 විතර යන්න ඹනේ ප්ලේස් ඵකට. විනෝද වෙන්න කන්ඩායමි වශයෙන් සතුටු වෙන්න හොද පරිසරය නවාතැන් පහසුකමි හොටෙල් ඵක සතුයි .හොටලය නඩත්තු වෙන්නෙත් හමුදා සාමාජිකයින් අතින් . තව විස්තර ගොඩයි 5 විතර පිටත් වුනා අපසු ඵන්න රැ11 විතර වුනා ගෙදර ඵද්දි. වාහනයක අගය දැනුනේ හෝමාගම බස් නැතුව චාටර් වෙද්දි තමයි. කොහොම උනත් හොද ගමන.පත්තරේක දැක්කා මෙම ව්‍යපෘතියෙනුත් කෝටි ගානක් වමට ගහලලු නොගහන තැනක් තියෙන වනමි ඵකනේ පුදුමෙි නේ.

Thursday, December 3, 2009

ඥං ඤං ගාන fm rediyo කලාව ගැන යමක් ලියන්න හිතන් තමයි අද පරිඝනකය ලගින් වාඩි උනේ.ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රයා කල මොහෝතේ පටන් තොරක් තෝංචියක් නැතුව වල් පල් දොඩවන නිවෙිදකයන් යැයි හදුන්වා ගන්නා පුද්ගලයන්ගේ අදෝනා කන් පිරෙන තරමට කඩවල ' බස් රථවල' ලොතරැයි කුඩු වල' නිතරම ඇසෙනවා ඵ්ත් fm කලාවෙන් මිනිසාට වැඩක් වෙනවද අවැඩක් වෙනවද කියලා ජන මධ්‍යයට සමිබන්ද බල වතුන් සොයා බලනවද නැද්ද කියලා අපට නමි පෙනෙන්න නැහැ .අග්‍රගන්‍ය කලාකරුවන්ගේ ගිත අමු අමුවෙ මරා දමන හැටි ඇසෙන විට ගිත රස විදින්නන්ගේ සිත් තුලට ගෙන ඵන්නේ වෙදනාවක් මිස රසාස්වාදක් නොවෙි. අසහාය කලා කරුවන්ගේ ගීත අද ගයන්නේ ටාසන් බාප්පාය ... හඩ ඥං ඥං ය...නිවෙිදකයා ඹවුනගේ බසින් ජහුටාය... අධ්‍යපනය' සංකෘතිය " සදාචාරය" ඹවුනට නැති තරමිය.වහෙන් ඹරෝ බසාවෙන් කියන්නේ කුනුහරුපය . ඵකට සිට ගුවන් විදුලිය රුපවාහිනිය අසන්නට දකින්නට අපට වරමි නැති සේය.අඩ නිරුවතින් දගලන සුරුපිනියන් නිතර නතර දර්ශනය වෙි දු දරුවන් නිදි කරවා රුපවාහිනි නරබිමට තරමි අප පවිකාර වි තිබෙි. දේශපාලන මඩ ඇති තරමි දෙපැත්තට විසි කර ගනි. මන්ත්‍රි නිලියෝ අඩ නරුවතින් රගන රැගුමි බලා ලාංකික වැසියෝඅද අන්ද මන්ද වි සිටිමි.

Thursday, November 26, 2009

  1. 'විනීත රියදුරන් සාදරෙන් පිලිගනිමු'මෙම පුවරුව අපි දකින්නේ ශ්‍රි ලංකාවෙි ප්‍රධාන නගර වලට ප්‍රවිස්ඨ විමත් සමගය. ඵත් කෝ විනිත රියදුරෝ.අවිනිත රියදු‍රු වරු නමි ඹන තරමි .කහ ඉර තුල මිනිසුන් අනතුරු වලට ලක් කර මරා දමන මරන අතින් ඉහලම තැනක අපි ඇති මගේ හිතේ.අකමැත්තෙන් උනත් ලංකාවෙි ප්‍රවාහන කටයුතු අන්තිමයි කියලා කියන්න වෙනව මම පහෙම කියන්නේ ලගදි දවසක වැඩට යද්දි උදේට ඉතිං හරි බිසි නේ..කොහෝම හරි රියදුරු මහත්තයා පොඩි සෙල්ලමක් දාලා ඉස්සර කරා පිටුපසින් ආව හදයා ඇහුව 'කොහේද යන්නේ" කියලා පාසල් සිසුන් ගුරුවරු පිරිලා හිටියා උගත්තු විද්වත්තු ඵහෙමත් ඉන්න ඇති .ඵ් කිසිවක් ගනං ගත්තු නැති අපේ රියදුරා අමිමගේ පදේ තියලා කිවෙි කිසිම පැකලිමකින් තොරව සියලු දෙනා මුනෙන් මුහුන බලා ගත්තත් නිහඩව සිටියා මන්ද යත් ඹවුන් මහ මග ගනං කරුවන්ය.අප ඹවුන්ගේ යටත් වැසියන්ය.ඹහොම යංඹය ඵකක් තව දහසක් විතර ඇත.

Saturday, November 21, 2009

මගුල් ගෙදරක යනවට වඩා මල ගෙදරක යන ඵක හොදයි කියලා යේසුස් වහන්සේ යමි තැනක කියලා තියෙනවා ..මෙකද අපි හැමෝම දවසක මැරෙන නිසා .මම බුද්ධාගමෙි උනාට ඵතුමා කිවු දේ මොන තරමි සත්‍යද. මිනිසු මෙ දේ තෙරුමි නොගන්න ඵකයි ප්‍රශ්නය. සමහරු නමි කවදාවත්ම නොමැරෙන ලෙස ජිවත් වෙන්න උත්සාහ කරනවා.බලය තියෙන ඵකා බලය රැකගන්න නොකරන දෙයක් නැහැ.බලය නැති ඵකා බලය ගන්න නොකරන දේකුත් නැහැ.නිතියේ බලය අවම වෙලා .කිරි දරුවෝ දුෂනය කරලා මරලා විසිකරනවා...දහදුක් විදලා දරුවෝ හදපු අමිමලා බස් හොල්ටි වලඅපා දුක් විදි නවා...සමාජය විසයි.කවුරුවත් මෙවට පිලියමි හොයන්නේත් නැහැ මොකද තමනුත් මෙි දේවල් වලට වක්‍රව හෝ හවුල් නිසා.කාට හොරෙන් මොනා කලත් උඩ ඉන්න අය බලන් ඉන්නවා දවසක ඵ් අයට අවනත වෙන්නම වෙනවා...අමිමලා සිහි වෙනවා ඵදාට සුවර්ම සුවර්

Wednesday, November 18, 2009

ග්‍රි ලංකාව නමි රටෙ මෙතෙක් බිහි උනු යුද නායකයන් අතරින් විශිස්ඨම යුද නායකයා පසු ගිය දිනක සිය දුරයෙන් ඉල්ලා අස්උනා. යුද සෙබලෙක් හැටියව මට නමි හරිම වෙිදනයි. මෙකද මෙි වගේ නායකයින් බිහි වෙන්නේ කලාතුරකින්. ඹබගේ දක්ශතා අප හොදින් දනිමු. ඹක තමයි අපේ රටෙි හැටි. දක්ෂයා කැලේ .අදක්ෂයා වැඩ .වැඩ ඉතිං කොට උඩ. ඹබ අප රටට නොවටිනා උනාට ලෝකයට උතුමි මිනිසෙකි .ඵ් බව දන්නෝ දනිති. තව දුරටක් ඹබගේ සේවය අපට අවැසි බව නියම ග්‍රි ලාංකික යන්ගේ පොදු මතයයි . ඹබ ලේ රසට ඉව අල්ලන හිවලුන්ගේ ගොදුරක් බවට ඹබ පත් නොවෙිවා. මාගේ පරමායන පැතුම ඵයයි. ඹබ ගොදුරැ කර ගැනිමට තවමත් කොටි. වලසුන් . ඉව අල්ලන බව ඹබ නොදන්නවා නොවෙි. ඹබ බුද්ධිමත්ය . ගුන ගරුකය අතැමි අයට මිරිස්ය .ඹබට ජයෙන් ජය වෙිවා.මාගේ මෙවර විශේෂ ලිපිය සිය දුරයෙන් සමුගත් ජනරාල් සරත් පොන්සේකා රණවිරුවා වෙනුවෙනි.

Sunday, November 8, 2009

සතියක් ගෙවිලා ගියා නොදැනිම කාලය නවත් වන්න තවම ජගතෙක් බිහිවෙලා තැහැ ඵ්ත් කාලය වෙනස් කරා ඇතැමි උදවිය .අපි ඹවට තරහා ගන්න උවමනා නැහැ. කාලයට අනුව හැඩ ගැසිම තමයි නුවනක්කාර කම .පොඩි ට්‍රිප් ඵකක් යන්න සෙටි උනා මොනරාගල පැත්තේ ඵකත් නොවැලැක් විය හැකි කරුනක් නි සා අවලංගු උනානේ. මේ‍ දවස් වල ශ්‍රි ලංකාවෙ අපිට අධික වර්ෂාපතනය. වැඩට යන ඵක අප්‍රිය වෙලා. ප්‍රවාහනය ලොස්ටි වෙලා. වට රවුමි කැරකිලා තමයි ප්ලේස් ඵකට යන්නේ ඵ් උනාට ලොක්කෙ‍ා් නමි කියන්නේ සුපිරිම ප්‍රවාහනය සේවය ලංකාවෙි කියලා . සෝක ජනක මරන කිපයක් ආරංචි උනා මෙි දවස් ටිකේ ගුරුවරු පවා අන්ධ බක්තිකයෝ වෙලා මිය ඇදෙනවා. පුදුමයට කරුන දරුවන්ට මෙි අය මොනවද උගන්වන්නේ කියන ඵකයි.

Monday, October 26, 2009

If you don't have sinhala FONT to read this please download sinhala FONT here


කෙලඹ නගරේ පුල් හොල්මන් කිලෝ මිටර් 2ක් යන්න පැය 2ක් විතර යනවා ලෝකෙම තියෙන කසිකබල් වාහන ටික ලංකාවට ගෙනාවට පාරවල් වැඩිවෙන්නේ නෑනේ. සුවර් කරලා ගමනක් වෙලාවට යන්න බැහැ . බොසාට හොරෙන් පැන ගත්තේ පටි ගාල ඵන්න කොහේද ඉතිං ට්‍රපික් ට්‍රපික් අන්තිමට කේක් කිලෝ ඵකකුත් අරං තමයි වැඩපලට ගියේ.පොඩි ෂේප් ඵකකට අනේ ඉතිං ශ්‍රි ලංකාවට වෙවීචි දේ . වෙඩිතියලා මරනව.මුහුදේ ගිල්ලෝලා මරනවා.පුචිවනවා. ධර්ම රාඡ්‍යයට වෙචිච දේ. උදේට ගෙදරින් ගියාට ඵනඵක අන් සුවර් 88-89 හොදයි වගේ පස්සේ ලියනවා වැඩ වැඩි අප්පා

Tuesday, October 20, 2009

13 ‍වෙනිදා අපි විසිර ගියේ නිකමිම නෙවෙි ප්‍රදීප් සර්ගේ හිතේ පොදි බැදගෙන තිබුනු අශාවකුත් මල් පළ ගල්වගනම. ඵ් කියන්නේ ශ්‍රි ලංකාවෙි පලමු වරට නිකුත් වුනු රණවිරැවන් 25 දෙනකුගේ බිහිසුනු යුද අත්දැකීමි ඇතුලත් ශරිරාංග ජුඡාකරමින් මවිබිම රැකිමට උරදුන් විරැවන්ගේ අත්දැකීමි නමින් දැවැන්ත පොත් රාජයකුත් නිකුත් කරමින් හැබැයි මයාලට පොත බලන්න නමි අපේ ප්‍රදිප් සර්ගේ වෙබි සයිඩි ඵකට යන්න වෙනවා වැඩි විස්තරත් ඵයාගෙන්ම තමා.වෙබි ඵක තමාwww.pradeepdesilva.com ගිහිල්ලම බලන්ඩකො..........................

Wednesday, October 14, 2009

දවස් ගානක් ගෙවිලා ගියා වැඩ ගොඩක් තිබුනා අලුත් දේ නැහැ ඉතින් කොමි.;පත්තියේ විසිරයාම 13 වෙනිදා තිබුනේ. වැඩෙ හොදට තිබුනා.විශ්‍රාම වැටුප් අධ්‍යෂ තුමා දෙමාපියෙක් වගේ අපි ලගින්ම හිටියා ලංකාවටම ඵක් අයෙක් උනාට මුලු ජිවිත කාලේ පුරාවටම හමුඋනු නිහතමානි අවංකම සොදුරු මිනිසා ඹබයි.ඹබගේ තනි ශක්තිය ප්‍රදීප් සිල්වා නමි ගුරුතුමන්ගේ බලයෙන් ගෝලයින් 25 දෙනෙකු දැන් ශයිබර් අවකාෂයේ සැරි සරනු ඇත. තවත් ශක්තින් ඵකතු නොවුනා නොවෙයි.පාර්ලිමෙින්තු කටයුතු අමාත්‍යංශයේ ගරු ලේඛමි තුමිය. ප්‍රශාද් ලොකුපිටිය මහත්මා ඇතුලු බොහෝ දෙනෙක් තිරය පිටුපස සිටි බැවි අප නොදන්නවා නොව ජිවිතය පුරාවට හදවතේ සදා නොමැකෙන සිහිවටනයක් වන බැවි ‍ගෞරවයෙන් යුතුව ලියා තැබිම යුතුකමක් යැයි මට හිතෙනවා.ඵ් වෙනුවෙන් ලොකු සාදයකුත් 17 වෙනිදා අපි පැවැත්තුවා සියලුම දෙනා සහභාගි වුනා අධ්‍යෂ තුමාගේ සින්දුවට හොද ප්‍රතිචාර කියල වැඩක් නැහැ.ලොකු කැපකිරිමක් කරා සියලු දෙනාම සාදයේ පින්තුර පස්සේ හොදේ.කොටසකගේ බෙල්ල සාක්කුවෙ. මගේ කට කනේ හොද හොද වැඩ ඵලිවෙන ජාමෙට කිවලු කවුදෝ බලමු පස්සේ හොදේ. සුබ දිනක්.

Sunday, September 27, 2009


යුධ සෙබලෙකුගේ අතීත ආවර්ජනය


ආයුබෝවන් මාගේ වෙබ්‍ පිටුවට පැමිනි ඹබට සුභ දිනයක්.



මම නිමල් තාත්තා ‍නම්‍ මට කියන්නේ සම්‍පත්` කියලා මං හින්දා ඵයාලට ලැබුනු සම්‍පතක් ගැන නමි මම දන්නේ නැහැ මුලින්ම දෙමවුපියෝ සිහි කරන ඵක ‍හොද පුරැද්දක් කියලා මම අහලා තියෙනවා.මටත් හිතුනා මම ගැන පොඩියක් විතර හදුන්වන්න.


ඉපදිලා තියෙන්නෙ මහනුවර. පාසල් දෙකකට ගියා විභාගේ නම්‍ අසමත්.87_88 භිෂණ දවස් නිසා ජිවිතේ ගැන තිබුනේ අවිනිෂ්විත භාවයක්. පිරිමි සහෝදරයෝ හතර දෙනෙක් ගැහැනු පාර්සවය නමි නැහැ ඵ් හින්දා ප්‍රශ්න ටිකක් විතර අඩුයි. ඵත් පවුලේ වැඩිමලා නිසා හිතන්න ඹිනේ රටට තිබුන ආදරෙයි හමුදා නිල ඇදුමට තිබුනු අසාවයි නිසා 18 පිරුනු ගමන් යුද්දෙට යන්න හිතුවා 18 කියන්නේ ගැමිම තියෙන වයසනේ .මොන ප්‍රශ්න තිබුනත් දෙමවුපියෝ දෙන්නා අකමැති උනා ඵ් අදහසට අධික පෙරත්ත නිසා අවස්තාව ලැබුනා.හරියටම 1990/02/13 හමුදාවට බැදිල පුහුනුව තිබුනේ

මාදුරුඹය කැමිප් ඵකේ.දුක හොදට හුරු නිසා පුහුනුව ගැන ඵතරමි තද‍ට දැනුනේ නැහැ අතරමගදි තාත්තා මාව බලන්න ආවා හරි සතුටුයි. කොහෝම හරි පලවෙනි නිවාඩුව මාස 6 න් දැන් යාලුවෝ ගොඩා...යි.

නිවාඩුවෙන් පස්සෙ වැටුනේ 6වැනි ශ්‍රි ලංකා පාබල හමුදා බල ඇනියට.මාස07 න් ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් විමක් ලැබුනා ඵ්ක පොඩි චාන්ස් ඵකක් බලඇනිය ආරමිභ කරපු අලුත නිසා නිල පුරප්පාඩු තිබුනා හැබැයි ඉතිං වැඩ වැඩි හරියට. ආධාරක කන්ඩයේ නිසා බර අ

වියක් බාර ගන්නත් උනා ඵ් කියන්නෙ වැඩි වෙඩි බලයක් දෙන්න පුලුවන් GPMG කියන අවිය. පලමු ලොකු මෙහෙයුම උනේ අලිමංකඩ මුදවා ගැනිම. ඵතැන් සිට අත්දැකීමි බහුලව ලැබුව ඵ්වා ජිවිත කාලයක් පුරාවට ලියන්න ; කියන්න; හිතන්න ;පුලුවන් දේ ටිකෙන් ටික ලියන්නත් හිතේ තියෙනවා මොනවා උනත් හමුදාව කියන්නේ හරි අපුර්ව තැනක් කිවට නමි තේරුමි ගන්න ටිකක් අපහසු වෙයි විදලම බලන්න ඹනේ.

1993 මම හිටියේ වැලිඹය පැත්තේ 6 පහර ක්‍රියාන්විතය පටන් ගත්තේ ඵ්දවස් වල ජිවිතේ බෙරුනේ පෙර පිනකට කිවොත් වඩා නිවරදි මොකද පෙර පෙලේම හිටියේ මා ඇතුලු ඩි කන්ඩයේ සහෝදර සෙබලු හිතන්න කාලයක් ඉතුරු උනේ නැ වෙඩි වර්සාවකට කොටුඋනා.හොද වෙලාවට තිබුනා මිනිසෙකුට සැගවෙන්න පුලුවං ප්‍රමානයේ යෝද නිදිකුමිබා ගාලක් දෙවරක් නොසිතාම ඩවුන් ගියා(බිම දිගාවුනා)දෙපැත්තෙම සෙබලු මැරි වැටිලා ඵ් තත්පරයට. මමත් වෙඩි බලය මුදා හැරියේ ඹවුන් ඉදිරියට ඵ්ම වලක්වන්න උන්ගේ අවදානය බර අවියට යෙමු විම පොදු දෙයක් වෙඩි උන්ඩයක් දකුනතේ වැලමිට අසලින් මස් ගොබය ඉරාගෙන ඵලියට ගියේ අස්ථි වලට හානි නොකරම; යුධ ටැංකි ආධාරයෙන් බොහෝම අමාරැවෙන් පසු පසට ගියේ නැවතුනේ කොළඹ හමුදා රෝහලේ මාසයක් විතර කොළඹ හිටියේ අයිත් ඉල්ලන්ම යුද පිටියට ගියේ හරිම සතුටෙන්.

කෙසේ වෙතත්

95/11/10'.......... තවත් ඵක්තරා සුවිසේසි දවසක් යාපනය මුදවා ගැනිමෙ රිවිරැස 1 හෙයුමට දින21පිරෙනකොට අපි ඵ කියන්නේ 6 ල.පා.හ ඵ්කකය තිබුනේ යාපනයට කිටිටු කරලා කෝපායි කියන පුදේශයේ දින ගනන් යුද පිටියේ නිසා හරිම තෙහෙටිටුවෙන් තමයි හටියේ ඵ්ත් යුද්දේ අත ඇරලා තිබුනේනැහැ අවදානමට තියෙන්නේ සැගවුනු ඉලක්ක වෙඩික්කරුවන්ගේ ප්‍රහාර තමයි .ඹවුන්ගේ ප්‍රහාර අපේ ගමන 50‰ප්‍රමාද තරනවා කිවොත් නිවරදි.මවුන්ගේ ප්‍රහාරයන්ට ගොදුරැ වන්නන්ට කෙදිරි ගැමට වත් අවස්තාව අඩුයි ඵතරමි භයානකයි. ඵනිසාම තමයි විශේෂ රාරකාරියක් අපට පැවරුනේ දහවල ගමන් කිරිමට නොහැකි භුමිය රාත්‍රියේ ගමන් කර විශ්මිත ප්‍රහාරඵල්ල කිරිම ...සතුරාද බුද්දිමත්ය. පානදර 4 පමන රහසේ ගමන් ඇරබුවෙමු ඵහෙත් සතුරාද අප ඵනතෙක් බලා සිට ඇත .

පැය කිහිපයකට නිසලව තිබු පෙදෙස වෙඩි හඩින් ගිගුමි දෙන්නට විය. අපද ක්‍රියාත්මක වුවෙමු.අවි ගැටෙන්නට විය සතුරා රැලි වශයෙන් ප්‍රහාර ඵල්ල කරයි .මා අසල සිටි සෙබලු දෙදනෙක් උඩ විසිවි බිම පතිත විය.අප ඹවුන්ගේ බටිටෝ පත්තියක ට කොටුවි ඇති බව වැටහිනි . ඵක්වරම ප්‍රදේශයම දෙදරුමි කමින් පලාතම කලු දුමාරයෙන් වැසි ගියේය සිතුවිලි මෙහොතකට නතර විය මාද මිහිතලය මත ඇද වැටින. වමි පාදය කුඩුවි ගොස්ය දකුනු පාදයද බරපතල ලෙස තුවාලසිදුවි ඇත .මාහටද බටිටෙකු පැගි ඇත. කුඩුවි තිබෙන පාදයේ නහර වැල් මෙන් ඵල්ලෙන්නට විය. සතුරාද අත ලගය අත තිබු අවියද විසිවි ගොස්ය. බිමි බෝමිබ ඇතිරු පාත්තියක බඩගැම මරුවා සොයා යැමකි. තවත් මොහොතකින් සතුරාගේ වෙඩි පහරට හෝ යටත් වන්නට සිදුවිය හැකිය .සතුරාට යටත් විමට මා කිසිසෙත් කැමති නැත.

අත ඉතිරිව අත් බෝමබ දෙකක් ඇත සිය දිවි නසා ගැනිම හෝ මරාගෙන මැරිම හැර වෙනත් විකල්පයක් නොමැත. සහෝදර සෙබලුන්ට ලන්වන්න තබා හිතන්නවත් බැරි මොහොතක ගුවන් හමුදා අධාර ‍ලැබෙන්නට විය.

සතුරාගේ ‍ඉදිරි ගමන මොහොතකට අඩාල විය අධික රුධිර වහනය නිසා දැස් නිලංකාර වන බවක්ද දැනේ ඵහෙත්.. සිහි තබා ගත යුතුවඇත.භාදක මැදින් සෙබලු දෙදනෙක් ලගට ඵනු මතකය අත් බෝමිබයද ඹවුනට දුන්නෙමි. නැවත සිහි ඵනවිට පලාලි රෝහලේය .කෙසේ වෙතත් දැන් මා අබාධිතයෙකි ජිවිතයේ හොදම අවදිය කෘතිම පාදයක අධාරයෙන් ගෙවන්නව සිදුව ඇත. දැනුමි තේරුමි ඇති දරුවන් පාදය ගැන ප්‍රශ්න කරයි. කිව යුක්තේ කුමක්ද මාද මසිතෙන් ප්‍රශ්න කරයි. දැන් යුද්ධය ද හමාරය ඹබ නිදහස්ය අප පැතු සිහිනය ඵයයි. නොකියාම බැරි ඵක් දෙයක් තිබෙයි කුමන ආබාධ තත්වයක් තිබුනද මා හා විවාහ වන්නට දැන් මාගේ ආදරනීය බිරිද ඵකගත්වය පල කලාය ඇය නමින් අනෝමා නුගේතැන්න විය.දැන් මා තිදරු පියෙකි ආබාධිත තත්වය මත විශ්‍රාම ගියෙමි.ජිවිතය ඵ්කාකාරි රටාවකට ගෙවෙන්නට විය.අලුත් ආරමිභක් අවශ්‍යය ඵ් සදහා මග පැදෙන්නේ මාගේ පරිඝනක ගුරු උපදේසක ප්‍රදිප් සිල්වා මහත්මානන්ගේ මග පෙන්විම යටතේය.ඹහු ගැන ලිවිමට දැ කොතෙකුත් දැ ඇත මෙම ලිිය ලියවෙන්නේ ඹහුගේ ඉගැන්විමෙහි ප්‍රතිපලයක් ලෙසිනි'ගුරුතුමණි ඹබට සුභ අනගතයක් පතමි.අමතක නොකරමි. උදවු කල සියලු දෙනා හැමෝටම‍ ගොඩාක් ස්තුකියි
.පසුව යලි මුනගැසෙමු ඹබගේ අදහස් මා දිරිමත් කරාවි

Thursday, September 17, 2009

අද බස් ඵක මාර සෙනග ටිකක් දුර යද්දි පර්ස් ඵකත් වැටිලා හොද මහත්තයෙක් පෙන්වපු නිසා හොදට ගියා ඵයාට ගොඩාක් ස්තුතියි අවිස්සාවෙල්ල ...පුරහල ලංගම බසය

Wednesday, September 16, 2009


ආදරණිය චුටි දියනියේ 2009/10/05 දින ලබන්නාවු 4 වැනි උපන් දිනයට අමිමා තාත්තා අක්කලා ඇතුලු සියලුම දෙනාගේ උනුසුමි සුබ පැතුමි හොදේ ඹන්න තාත්තා ලෝකයටම කීවා

Friday, August 14, 2009



ආදරණිය බිරිද දරු තිදෙනා මාගේ ජිවිතය කෙතරමි වෙනස් කලාද. හෙටක් නොමැතිව හිටපු මට ජිවිතයේ යතාර්තය අව‍බෝද වන්නට බහෝ කල් ගියා අද මම තරමක් සාර්තක මිනිසෙක් තවත් බෝහෝ දේ කල යුතුව තිබෙ.

Wednesday, August 12, 2009


ආයුබොවත් ඹබ සැම සාදරයෙන් පිලිගනිමු.

Tuesday, August 11, 2009


බිලොග් වලට අලුත්. ටික ටික ඉගෙන ගන්නවා ප්‍රදිප් සර්ට පිං සිද්ද වෙන්න අලුත් අතදැකිමි පසුවට ලියන බලාපොරාත්තුව අදට නතර කරනවා.




ආයුබෝවන් මාගේ වෙබි පිටුවට පැමිනි ඹබ සාදරයෙන් පිලිගනිමි.මමනමින්E'G නිමල් විමලසිරි වන අතර ශ්‍රි ලංකා යුද හමුදාවෙහි 6 වෙනි පාබල හමුදාවෙ කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කල අතර ක්‍රයාන්විතයේ යෙදි සිටියදි ආබාදිත තත්වයට පත්වි නිවසේ සිටි.