Saturday, February 6, 2010

තවත් අහිංසකයකුගේ හුස්ම පොද උදුරා ගත් පුවත අසා සිත් වෙිදනා දෙන්න උනා .තවකෙකු රජ වන්නට තවතෙතුගේ ජිවිතය උදුරා ගැනිම තකතරමි පාපිස්ඨද ...නිවහල් දේෂයක් ගොඩ නගන්නට වෙර දැරු චන්ද්‍රදාස සහෝදරය නුබ වැන්නවුන් මරා දැමිය නොහැක ....පාපතරයින් හෙට ගැන සිතුයේ නමි ඹබ අදත් අප අතරය. විවිධ මත දරන්නට දැන් නොහැකි බව අප පසක් කර ගත යුතුව ඇත. ජාති ..ආගමි...කුල නොබලා රට ගැන සිතු නුබ වෙිදනා විද මිය ගියේ කා වෙනුවෙන්ද...........අමිබලන්ගොඩ නාගරික මන්ත්‍රි චන්ද්‍රදාස නයිදුමාවඩු සහෝදරය නුබට නිවන් සුව අත්වෙවා. මෙවන් අකල් මරනයන්ට මතු ආත්මයන් වලදි වත් ගොදුරු නෙවෙවායි පතමි...මෙම සටහන නුබට උපහාරයක්ම වෙිවා.....................

Saturday, January 30, 2010

දේශපාලනය හා තිරිසන්නු................පසුගිය දින කිහිපය තුල දේශපාලන පොර පිටිය මහත් උනුසුමක් ගත් අතර වැඩි වශයෙන් තරිසන් සතුන් පිලිබදව කියවෙන්නට වුහ .ඉතිහාස දේශපාලනය දෙස බලන කල්හි වැඩි වශයෙන් බැනුමි ඇසුවෙි බල්ලන්,අලියන්, හිවලුන්,කුකුලන් වැනි සතුන් වන අතර මෙවර ඹවුන් මදක් ඉවත්ව ඇති බවක් පෙනෙන්නට ත්බෙි; ඵ් වෙනුවට මෙවර අලුත් සතුන් ඉදිරිපත්ව ඇති බවද දත්නට ලැබුනි.... ඵ් අතිරින් කලවැද්දන්, මි හරකුන්, හංසයන්,පාත්තයන්. උ‍ෟරන් වැනි සතුන්ද වැදගත් තැනක් ගත් අතර ඉතා ඉහල ප්‍රසිද්දි ලැබුයෙනු දුටිමි. මිනිසුන් වන අප තිරියන් සතුන්ට වෙිදිකා දෙදරවමින් දොස් නගන අතර සතුනට කතා කර ගන්නට නොහැකි බැවින් නිහඩව යිටියා මිස ඵ් හැකි වුවා නමි ඹවුන් අසන්නේ .....තිරිසනුන් අපද ....නුඹලාද යන්නය. තරිසනුන් මිනිසුනේ නුබළා නිරුත්තරය....................... නිරතුරුවම මා දිරිමත් කරන පුදිප් සිල්වා ගුරුතමන්ට මාගේ හදපිරි ප්‍රනාමය.

Sunday, January 24, 2010



4 වැනි සමාජිකත් ගුවනට.................මගේ පවුලේ පිරිමි සහෝදරයින් සතර දෙනෙක් වන අතර ලාබාලතම සහෝදරයා 01-22 දින ගුවන් හමුදා සෙබලෙකු වශයෙන් විසර ගිය අතර ඵදිනට අප ඵක්වුයේ ඉනාමත් සතුටින් බව කිව යුතුය.සියලුම සහෝදරයින් ආරක්ෂක අංශයේ සේවය කිරිම සතුටක් වන අතර පුතුන් සතර දෙනකුම යුද පිටියට දායාද කල අප දෙමාපියන්ව ඉතා ‍ආදරයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.ආදරනිය සහෝදරය නුමට කල යුතු දේ බොහෝ ඉතිරිව ඇත.සිත ගත ශක්තිමත්ව ඉදිරියට යනු මැන. මිනිසුනට මිනිසුන් ලෙස ජිවත් විමට අයිතිය සාදාා දෙන්න. ඹබටත් මිතුරු සෙබල කැලටත් අපගේ ප්‍රනාමය.

Friday, January 1, 2010

ලැබුවාවු 2010 නව වසර ශ්‍රි ලංකා වසි සියලුම දෙනාටත් සමස්ථ ලෝක වාසි සියලුම දෙනාටත් සතුට සමිපත සපිරි ශ්‍රි සුභ අලුත් අවුරුද්දක් වෙිවායි ඵක සිනින් ප්‍රාර්ථනා කරමි. අපිත් පුලුවමි විදියට අවුරුද්ද සැමරුවා .දරුවන්ට මෙි දේ මොකක්ද කියන අවබෝදය දෙන ගමන් චාරිත්‍ර පිලිබද දැනුමක් ලබා දිම මගේ ප්‍රධාන අරමුන උනා.හෙට දවස සුභ විම අපි කාගෙත් බලා පොරොත්තුව මාත් ඵලෙසින්ම සිතනවා.

Saturday, December 26, 2009

කලා කරුවන්ගේ අශිස්ට රංගන.................... කලා කරුවන් යනු මිනිස් සිතට යමි පනිවිඩක් ලබා දිය හැකි සං‍වෙිදි පිරිසක් යැයි අප සිතා සිටියෙමි. ඵය ඵසේ නොවන බව මැතකදි පටන් රුපවාහිනියේ දිස්වන රුප රාමු වලින් මනාව පැහැදිලි වෙි.කලා කරුවා දේශපාලනි කරනිය වුයේ අද ඊයේ නොවන බව මා දනිමි . ඹවුනට මිනිසුන් ආදරය කරන බවද මම දනිමි..ඵහෙත් දේශපාලන ගැත්තන් විම ඹබද මාද අනුමත නොකරන බව හොදාකාරවම දනිමි සැමගේ හදවතෙහි ජිවත් වු කලා කරුවා අද කොටසකගේ පමනක් ප්‍රසාදයට පත්‍ර විම ආරමිභ කර ඇත.ඵය ඹවුන්ගේ පරිහානිය බව මාගේ මතයයි ;වසර 40 යුද වැදි සෙන්පතියකු ඇසේ සිට පටිට ගැසිමට ඵක්වන ලෙස ඵක් කලාකරුවෙක් අරාධනා කරුනු දැක මා මවිතයට පත් විමත් සමග සමස්ත කලා කරුවන්වම අප්‍රිය වන්නට විය. වෙනදා මග තොටෙදි දුටු විටදි අචාර කල ‍ජනයා හෙට ඹවුනට කෙල ගසනු නොඅනුමානය.ඹවුන්ගේ නව නිල නාමය බත් ගොට්ටන්ය.හදවතින් දුක් වන්නේ මෙි නිසාය.

Saturday, December 12, 2009

අපි ගියානේ පොඩි ආතල් ඵකක් ගන්න කුකුලේ ගග. මෙි පින්තුරය ඵහේදි ගත්ත ඵකක් හැයියි මෙි
ඇල්ලේ නම නමි මම දන්නේ නැහැ. මට මතක නැහැ. උදේ 10 වෙනකොට ඵහේ. විදුලි බලාගාරය බලන්න නමි අවසර නැහැ. හරි ලස්සන පැත්ත මම දන්න තරමට අපේ සාම සාදක හමුදාවට යන සෙබලු පුහුනු කරවිවෙත් ඵහේ තමයි. සුපිරි හෝටල්' නාන තටාක' ඵහෙමත් තියෙනවා කලුතර සිට කි.මි 20 විතර යන්න ඹනේ ප්ලේස් ඵකට. විනෝද වෙන්න කන්ඩායමි වශයෙන් සතුටු වෙන්න හොද පරිසරය නවාතැන් පහසුකමි හොටෙල් ඵක සතුයි .හොටලය නඩත්තු වෙන්නෙත් හමුදා සාමාජිකයින් අතින් . තව විස්තර ගොඩයි 5 විතර පිටත් වුනා අපසු ඵන්න රැ11 විතර වුනා ගෙදර ඵද්දි. වාහනයක අගය දැනුනේ හෝමාගම බස් නැතුව චාටර් වෙද්දි තමයි. කොහොම උනත් හොද ගමන.පත්තරේක දැක්කා මෙම ව්‍යපෘතියෙනුත් කෝටි ගානක් වමට ගහලලු නොගහන තැනක් තියෙන වනමි ඵකනේ පුදුමෙි නේ.

Thursday, December 3, 2009

ඥං ඤං ගාන fm rediyo කලාව ගැන යමක් ලියන්න හිතන් තමයි අද පරිඝනකය ලගින් වාඩි උනේ.ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රයා කල මොහෝතේ පටන් තොරක් තෝංචියක් නැතුව වල් පල් දොඩවන නිවෙිදකයන් යැයි හදුන්වා ගන්නා පුද්ගලයන්ගේ අදෝනා කන් පිරෙන තරමට කඩවල ' බස් රථවල' ලොතරැයි කුඩු වල' නිතරම ඇසෙනවා ඵ්ත් fm කලාවෙන් මිනිසාට වැඩක් වෙනවද අවැඩක් වෙනවද කියලා ජන මධ්‍යයට සමිබන්ද බල වතුන් සොයා බලනවද නැද්ද කියලා අපට නමි පෙනෙන්න නැහැ .අග්‍රගන්‍ය කලාකරුවන්ගේ ගිත අමු අමුවෙ මරා දමන හැටි ඇසෙන විට ගිත රස විදින්නන්ගේ සිත් තුලට ගෙන ඵන්නේ වෙදනාවක් මිස රසාස්වාදක් නොවෙි. අසහාය කලා කරුවන්ගේ ගීත අද ගයන්නේ ටාසන් බාප්පාය ... හඩ ඥං ඥං ය...නිවෙිදකයා ඹවුනගේ බසින් ජහුටාය... අධ්‍යපනය' සංකෘතිය " සදාචාරය" ඹවුනට නැති තරමිය.වහෙන් ඹරෝ බසාවෙන් කියන්නේ කුනුහරුපය . ඵකට සිට ගුවන් විදුලිය රුපවාහිනිය අසන්නට දකින්නට අපට වරමි නැති සේය.අඩ නිරුවතින් දගලන සුරුපිනියන් නිතර නතර දර්ශනය වෙි දු දරුවන් නිදි කරවා රුපවාහිනි නරබිමට තරමි අප පවිකාර වි තිබෙි. දේශපාලන මඩ ඇති තරමි දෙපැත්තට විසි කර ගනි. මන්ත්‍රි නිලියෝ අඩ නරුවතින් රගන රැගුමි බලා ලාංකික වැසියෝඅද අන්ද මන්ද වි සිටිමි.